ප්‍රභාත් ජයසූරිය ඉදිරියට
2024 February 07- Page Views : 218
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව, දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.
ඔහු මීට පෙර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ පසු වූ අතර, නවතම ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
නිමා වූ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් සමඟ ප්‍රභාත් ජයසූරිය මෙසේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.
ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ, තරගයේ වීරයේ බවට පත් වූයේ ද ප්‍රභාත් ජයසූරියයි.
ඔහු ඉනිම් දෙකේ දී කඩුලු 08ක් බිඳ දැමීමට සමත් විය.
ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වන්නේ, ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා වන අතර, දෙවැනි ස්ථානයේ පසු වන්නේ, දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩායි.
ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ පසු වේ.
සිව් වැනි හා පස් වැනි ස්ථානවල පිළිවෙළින් පසු වන්නේ, ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් දෙපොළක් වන පැට් කමින්ස් සහ ජොෂ් හේසල්වුඩ් ය.
ප්‍රභාත් ජයසූරිය හැර වෙනත් කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු ශ්‍රේණිගත කිරීම්වල පළමු 20 දෙනා අතර හෝ නොසිටීම විශේෂත්වයකි.