ඉරාන ජනපති දිවයිනට
2024 April 24- Page Views : 1187
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය.
ඒ මහතා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඉරාන ජනපතිවරයාව පිළිගත්තේය.
ඉරාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අද (24) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පැවසීය.