WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දඹුල්ල නගරයට අලි ඇවිත්

2024 April 25- Page Views : 358

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.

මෙම වන අලින් තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළදසැල් අවට සැරිසරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ.

සිගිරිය වනජීවී නිලධාරීන් දඹුල්ල පොලීසිය ප්‍රදේශයේ හා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් රැකවල් යොදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය මත වන අලි රැදී සිටි ස්ථානයේ සිට කිරලව මාරකෑල්ල රක්ෂිත ප්‍රදේශයට පලවා හැරීමට පියවර ගත්හ.

මේ සඳහා පැය 24 ක කාලයක් ගතවූ බව දඹුල්ල පොලිසිය කියයි .