WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රුසියානු තානාපති ගැටලුවට කඩිනම් පියවර

2024 May 20- Page Views : 39

දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ.

නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙලෙස ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වාත් නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති බව වාර්තා වුණි.

දැනට මාස කිහිපයක සිට මෙම තනතුර හිස්ව පවතින අතර මේ වන විට වඩාත් කතාබහට ලක්ව ඇති යුක්‍රේන - රුසියා යුද්ධය සඳහා මෙරට හමුදා සාමාජිකයින් බඳවා ගැනීමේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ තානාපතිවරයෙකු නොමැති වීම ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවට පත් ව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ තානාපතිවරයෙකු නොමැති වීම කාර්ය පටිපාටිය අනුව පවතින ප්‍රමාදයක් බවය.

එම නිසා රුසියාවේ පවතින තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්ෂණය කිරීමට යොමු කෙරුණු ඇත.

දැනට තානාපතිවරයෙකු නොමැති වීම විශාල ගැටලුවක් නොවන බව ද සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු රුසියාවේ රැඳී සිටින බව ද සඳහන් කළේය