ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්
2026 April 29- Page Views : 5
දකුණු ලෙබනනයේ සූර්ය පැනල ඊශ්‍රායලය හමුදාව විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය චෝදනා කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ ඊශ්‍රායල හමුදා සූර්ය පැනල විනාශ කරන ආකාරය දැක්වෙන සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන විඩියෝවක් එම ආයතනය මඟින් ප්‍රචාරය කර ඇති බවයි.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය සහ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් අයතන Xහි සටහනක් තබමින් පවසා ඇත්තේ මේ පිළිබඳ යුද අපරාධ චෝදනා යටතේ ඊශ්‍රායලයට එරෙහිව විමර්ශන සිදුකළ හැකි බවයි.
මේ අතර, දකුණු ලෙබනනයේ සිවිල් දේපළ නීති විරෝධී ලෙස විනාශ කිරීම ඊශ්‍රායලය වහාම නැවැත්විය යුතු බව ද එම ආයතන පවසා තිබේ.