WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලයෙන් බිහිසුණු ප්‍රහාරයක්

2024 June 15- Page Views : 219

දකුණු ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා සහ කාලතුවක්කු ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල හමුදාව නිවේදනය කළේය.


සිකුරාදා උතුරු ඊශ්‍රායලය වෙත ලෙබනනයේ සිට මිසයිල ප්‍රහාර එල්ලකර තිබූ අතර ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් මෙම ප්‍රතිප්‍රහාර එල්ලකර තිබුණි.

පසුගිය දින කිහිපය පුරා දෙපාර්ශ්වය එකිනෙකාට ප්‍රහාර එල්ල්කරගෙන තිබූ බව සඳහන් ය.

මෑත කාලයේ ඊශ්‍රායලය එල්ලකළ ප්‍රහාර හේතුවෙන් මේ දක්වා හිස්බුල්ලා සාමාජිකයින් 300ක් සහ ලෙබනන් සාමාන්‍ය වාසිය 80ක් පමණ මියගොස් ඇති අතර හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල හමුදා භටයින් 18ක් සහ සාමාන්‍ය වැසියන් 10ක් මියගොස් තිබේ.