WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හෝමූස් හරහා යන තෙල් නැව්වලට ආරක්ෂාව දෙන්න ට්‍රම්ප් සුදානමින්

2026 March 04- Page Views : 8

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහන නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට රැගෙන යාමට අමෙරිකානු නාවික හමුදාව සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, සමුද්‍රීය වෙළෙඳාම සඳහා ගල්ෆ් හරහා ගමන් කරන බලශක්ති නැව් සඳහා දේශපාලන අවදානම් රක්ෂණයක් සහ මූල්‍ය ආරක්ෂක සහතික ලබා දෙන ලෙස එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය සංස්ථාවට උපදෙස් ලබා දී ඇති බවය.

ගෝලීය බලශක්ති සැපයුම්වල නිදහස් ප්‍රවාහනය වොෂින්ටනය සහතික කරනු ඇති බවද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගන්නා බව ඉරානය ප්‍රකාශයට පත්කර තිබුණි.