WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ නිවාස 50,000කට අධික සංඛ්‍යාවකට හානි

2026 April 23- Page Views : 11

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාරවලින් එරට නිවාස ඒකක 50,000කට අධික සංඛ්‍යාවකට අලාභහානී සිදුව ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. 

ඒ අනුව යුද්ධයෙන් ගත වූ දින 45 තුළ එල්ල වූ ප්‍රහාරවලින් නිවාස 17,756ක් පුර්ණ ලෙස විනාශ වී ඇති අතර නිවාස 32,668කට හානි සිදුව ඇති බව ලෙබනන් රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ ඊශ්‍රායලය ප්‍රහාරවලින් ලෙබනන ජාතිකයින් 2,400කට අධික පිරිසක් මියගොස් මිලියනයකට අධික පිරිසක් අවතැන්ව ඇති බව ද වාර්තා වේ.