WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සෙනඟ පිරුණු බස් දෙකක් සමග අධිවේග මාර්ගයක් නාය යයි

2024 July 12- Page Views : 1875

මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඒ අතර ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අධිවේගී මාර්ගයේ ගමන් ගත් මගී බස් රථ දෙකක් නායයාමට හසුවී ඇති බව සඳහන් වේ.

කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

නායයෑමට හසු වූ බස් රථ සහ එහි සිටි මගීන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.