WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිම වලස් ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

2024 August 14- Page Views : 9

කැනඩාවේ නුනාවුට් ප්‍රදේශයේ දුරස්ථ රේඩාර් මධ්‍යස්ථානයක සේවකයෙක් හිම වලසුන් දෙදෙනෙක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුව අනෙක් සේවකයන් එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී එක් වලසෙකු පහත හෙළා ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම මෙම මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අදාළ ආයතන සමග කටයුතු කරන බව ඔහු සේවය කළ ආයතනය සඳහන් කරන බව වාර්තා වෙනවා.

හිම වලසුන් මිනිසුන්ට පහර දීම අතිශයින් දුර්ලභ නමුත් මෙය පසුගිය වසරේ සිට වාර්තා වූ දෙවන පහරදීමයි.

පසුගිය වසරේ ඇලස්කාවේ ගම්මානයකදී කාන්තාවක් සහ ඇයගේ පුතා හිම වලසෙකු විසින් ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා.

කැනේඩියානු රජයට අනුව හිම වලසුන් 17,000ක් පමණ එරට ජීවත්වන අතර, එය ගෝලීය ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ වේ.

මේ අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා මුහුදු අයිස් නොමැති වීම මෙන්ම දඩයම් කිරීම් නොමැති වීම නිසා හිම වලසුන් පරිහානියට පත්වෙමින් පවතින විද්‍යාඥයන් පවසනවා.