ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
2024 August 25- Page Views : 28 ඊශ්‍රායලය පැය 48 ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවිණි.
මේ වන විට දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 320කට වැඩි ප්‍රමාණයක් හිස්බුල්ලා සංවිධානය එල්ලකර ඇති බව ද වාර්තා වී තිබේ.
මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් මින් මාසයකට පෙර සිය ප්‍රධාන හමුදාපති ෆුවාඩ් ෂුකුර් (Fouad Shukur) ඝාතනය කිරීමට අදාළ පළිගැනීමක් ලෙස එම සංවිධානය අර්ථ දක්වා ඇත.
මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ද හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.