ජැකලින්ගේ ඉල්ලීම ඉවතට
2025 July 04- Page Views : 25 ඉන්දීය රුපියල් කෝටි 200ක් සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉල්ලා ගොනු කළ පෙත්සම දිල්ලි මහාධිකරණය විසින් ඊයේ (03) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
විනිසුරු අනිෂ් දයාල් ප්‍රමුඛ විනිසුරු මඩුල්ල විසිනුයි ඇයගේ මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇත්තේ.
ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්‍රසේකර් විසින් අයථා ලෙස උපයා ගත් බව කියන මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා ජැකලින් සහාය දැක් වූ බව කියමින් ඇයට එරෙහිව මෙම පෙත්සම ගොනුකර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ඇයගේ නීතිඥවරයා අධිකරණයේ දී කියා සිටියේ, සුකේෂ් චන්ද්‍රසේකර් සම්බන්ධ රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක කොටසක් යැයි කියනු ලබන ඇයට ඔහුගෙන් ලැබුණු තෑගි අපරාධයෙන් ලැබෙන ආදායමෙන් ගෙනදුන් බව ඇය නොදැන සිටි බවයි.