WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශයේ ගංවතුරින් 59 දෙනෙකු මියගිය

2024 September 02- Page Views : 28

බංග්ලාදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 59 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

එරට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මියගිය පිරිස අතර ළමුන් 12 දෙනෙකු ද සිටින බවයි.

බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64න් 11කටම මෙම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් පවතින ගංවතුර තත්ත්වය බැස යාමට පටන් ගෙන ඇති අතර තවදුරටත් පුද්ගයින් ලක්ෂ 06කට ආසන්න පිරිසක් අවතැන්වී ඇති බව සදහන් වෙයි.

මේ අතර බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා වන මුහම්මද් යුනුස් පීඩාවට පත්ව ඇති ජනතාව සදහා අවශ්‍ය කඩිනම් සහය ලබා දීමට කටයුතු කරන ලෙස සියලුම අංශ වලින් ඉල්ලා තිබේ.