මෝදි අද බෲනෙයි රාජ්‍යයට
2024 September 03- Page Views : 28 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, දෙදින නිල සංචාරයක් සඳහා අද (3) බෲනෙයි රාජ්‍යය බලා යෑමට නියමිතය.
බෲනෙයි යනු අග්නිදිග ආසියාවට අයත් කුඩා මුස්ලිම් රාජ්‍යයකි.
බෲනෙයි පිහිටා ඇත්තේ බෝනියෝ දූපතේ කොටසක් ලෙසය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු බෲනෙයි බලා යන පළමු අවස්ථාව මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බෲනෙයි බලා යන්නේ, බෲනෙයි පාලක සුල්තාන් හසන්නාල් බොල්කියාගේ විශේෂ ඇරැයුමකට අනුවය.
ඉන්දියාවත් බෲනෙයි රාජ්‍යයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ වී වසර 40 ක් සපිරෙන අතර, මෝදිගේ සංචාරය සිදුවන්නේ ඊට සමගාමීවය.