WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දියේ ගිලී මඩේ එරුණු සැඟව ගිය පුංචි පුතු

2024 September 04- Page Views : 216

තම පියාගේ වෙළඳසැලේ සිට නිවසට තනිව ගිය බව කියන කුඩා දරුවෙකු නිවස ඉදිරිපිට ජලය පිරී තිබුණු කාණුවක ගිලී මඩේ එරීමෙන් මියගොස් ඇතැයි බටපොල පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ අලුත්වල ,මහගංගොඩ පදිංචිව සිටි ගාල්ල ගුරුගේ සුමියුරු පවන් කේසර නැමති අවුරුදු හතරයි මාස හතක් වයසැති පිරිමි දරුවෙක් බව පොලීසිය පැවසීය .

සිය පියාගේ වෙළඳසලේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි නිවසට තනිවම ගොස් ඇති දරුවා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් එක්ව දරුවා ගැන සොයා ඇත.

එවිට වගා කටයුතුවලදී කපා තිබූ කාණුවක් අසල තිබූ දරුවාගේ පාවහන් දුටු පියා කානුවට බැස එහි ගිලී සිට ඇති දරුවා ගොඩට ගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුලත් කරන ලද නමුත් ඒ වනවිටත් දරුවා මියගොස් සිට ඇතිබව පොලීසිය කියයි.