WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මොළයට හානිකරන අලුත් වයිරසයක් චීනයෙන්

2024 September 09- Page Views : 28

මොළයට හානි කරන නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ යනුවෙනි.

මෙම නව වයිරසය කිනිතුල්ලන්ගේ දෂ්ටනයෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වෙයි. මොළයට හානි කරමින් එය ස්නායු පද්ධතිය මුළුමනින්ම අඩපණ කරයි. මෙම වයිරසයට මෙතෙක් ප්‍රතිකර්මයක් නැති අතර, ප්‍රතිජීවක ඖෂධවලින් ද මෙම වයිරසය අඩපණ කළ නොහැකි බව පැවැසෙයි.

චීන වෛද්‍ය පර්යේෂකයන් මෙම නව වයිරසය පිළිබඳ මුලින්ම දැනගත්තේ 2019 දීය. ඒ, උණ, හිසරදය, වමනය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කළ රෝගියකු ජින්සෝ නගරයෙන් හමුවීමත් සමඟය. 61 හැවිරිදි මෙම රෝගියාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ චීනයට අයත් මොංගෝලියාවේදී යැයි අනාවරණය වී ඇත.