වියට්නාමයේ පාලමක් කඩා වැටී 13ක් අතුරුදන්
2024 September 10- Page Views : 29 වියට්නාමයේ පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන්ව තිබේ.
යාගි සුළිකුණාටුවට හසුවීමෙන් උතුරු වියට්නාමයේ පිහිටි කාර්යබහුල පාලමක් මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම්වලට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී ඇත.
වසර 30කට පසු වියට්නාමයේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු වූ බලවත්ම කුණාටුව මෙයයි.
යාගි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු වියට්නාමයේ පුද්ගලයින් 60කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.