WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කිලෝමීටර් 2000ක ඈතක සිට ඊශ්‍රායලය ට මිසයිල ප්‍රහාර

2024 September 15- Page Views : 28

මධ්‍යම ඊශ්‍රායලය ට බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කරුවන් සමත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ උතුරු යේමනය පාලනය කරනු ලබන හූති සටන්කරුවන්ට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

අද (15) එල්ල වූ එම ප්‍රහාරය එම කලාපයට හූති කැරලිකරුවන් එවැනි ප්‍රහාරයක් එල්ලකළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය.

හූති ප්‍රකාශක යහ්යා සේරියා පැවසුවේ එම ප්‍රහාරය සඳහා කිලෝ මීටර් 2,040ක් පමණ දුර ගමන්කළ හැකි හයිපසොනික් බැලස්ටික් මිසයිලයක් යොදාගත් බවයි.

එම දුර යෑමට එම මිසයිලයට ගතවී ඇත්තේ විනාඩි 11 1/2කි.

මධ්‍යම ඊශ්‍රායලයේ වගා බිමකට එම මිසයිලයේ කොටස් වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් වී නොමැති බව වාර්තා විය.

මෙම වසරේ ජූලි මාසයේදී හූති සටන්කරුවන් විසින් පළමුවරට ඊශ්‍රායලය ට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකළ අතර ඉන් එක්‌ පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලැබීය.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් හොදෙයිඩා වාරය කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන් 6 දෙනෙක් මියගොස් 80ක් පමණ තුවාල ලැබීය.