'යාගී' හේතුවෙන් මියන්මාරයේ මියගිය ගණන ඉහළ ට
2024 September 15- Page Views : 28 'යාගි' සුළි කුණාටුවේ බලපෑමෙන් මියන්මාරයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 74 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
මියන්මාර බලධාරීන් පවසා ඇත්තේ තවත් පුද්ගලයින් 89 දෙනෙකු අතුරුදන්ව ඇති අතර පුද්ගලයින් 240,000ක පමණ පිරිසක් අවතැන්ව සිටින බවයි.
මීට පෙර යාගි සුළි කුණාටුවෙන් වියට්නාමය, ලාඕසය සහ තායිලන්තය යන රටවලට දැඩි බලපෑම් එල්ල විය.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොණ දිග ආසියානු රටවල සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 350 ඉක්මවා ගොස් ඇති බවයි.