WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඡන්දය දැමීමේදී අනන්‍යතාව තහවුරු කිරීමට භාවිත කළ හැකි දේ

2024 September 19- Page Views : 359

ඡන්ද දායකයෙක් සිය ඡන්දය භාවිත කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය.

ඒ සඳහා භාවිත කළ හැකි දේ සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කරුණු හෙළිකළේය.

"ඡන්ද විමසීම සඳහා වලංගු වෙනවා ජාතික හැඳුනුම්පත, පැරණි හෝ නව හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම වලංගු විදේශ ගමන්බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, පැරණි හෝ ඊ හැඳුනුම්පත දෙකම වලංගුයි. ඒ වගේම අපැහැදිලි හැඳුනුම් පත්, නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේදී නිකුත්කරන ලද කුවිතාන්සිය ආදී ඡායාරූපය සහිත හෝ රහිත වෙනත් කිසිදු ලියවිල්ලක් ඡන්දපොළේදී පිළිගන්නේ නැහැ."