WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තෑගි ගත්ත හිටපු කැබිනට් ඇමතිට සිරදඬුවමක්

2024 October 03- Page Views : 29

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී විවිධ ත්‍යාග ලබා ගත් බවට චෝදනා එල්ල වු සිංගප්පූරුවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට මාස 12ක සිර දඬුවම් නියම කර තබේ.

එරට වෙළෙඳ, සන්නිවේදන හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සුබ්‍රමනියම් ඊශ්වරන් හට මෙම දඬුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 13ක කාලයක් සිංගප්පුරු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 03කට අධික වටිනාකමින් යුත් ත්‍යාග විවිධ පුද්ගලයින්ගෙන් ලබා ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පසුගිය වසරේ ජූලි මාසයේ සිට විමර්ශන ආරම්භ වූ අතර එහි තීන්දුව මෙලෙස එරට අධිකරණයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිංගප්පූරුවේ අමාත්‍යවරයෙකු මෙලෙස මහා පරිමාණ දූෂණ චෝදනා විමර්ශනයකට මුහුණ දී ඇත්තේ 1986 වසරෙන් පසුව වීම විශේෂත්වයකි.