WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සූරියවැව බිහිසුණු අනතුරක්

2024 October 03- Page Views : 27

සූරියවැව පදලංගල මාර්ගයේ විහාරගල විද්‍යාලය ඉදිරිපිට ඊයේ (02) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

රැකියාවේ නියුතු තම දුව රැගෙනයෑම සදහා පැමිණි පියෙකු විසින් යතුරුපැදිය නවතා විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ පසෙක සිටි අවස්ථාවේදී, ප්‍රධාන මාර්ගයේ පැමිණි වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගයට එකවර දැමූ ස්කුටී වර්ගයේ යතුරුපැදියක ගැටීමට යෑමේදී එය වැළැක්වීමට උත්සාහ දරා තිබෙනවා.

එම අවස්ථාවේදී ටිපර් රථ රියදුරා ගත් උත්සාහය පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක සිටි යතුරුපැදිකරුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.