WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හඳට සමාන බොරු හඳක් හදලා

2024 October 10- Page Views : 30

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

මෙම කෘත්‍රිම සඳ මතුපිට නිර්මාණය කර ඇත්තේ, ජර්මනියේ කාලෝන් නුවර, ‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැවැන්ත අංගනයක් තුළය. ‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වර්ග මීටර් 700 ක ප්‍රදේශයක තුළ මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කර ඇත.

යමහල් පාෂාණ ටොන් 900 ක් කුඩු කරමින්, මෙම සඳ මතු පිට කෘත්‍රිම පෘෂ්ඨය නිර්මාණය කර ඇත. ජර්මනියේ අයිෆල් පළාතේ යමහල පාෂාණ, ඉතාලියේ එට්නා ගිනි කන්ද අවට යමහල් පාෂාණ සහ පස් සහ නෝර්වේ රාජ්‍යයෙන් එකතු කරගත් යමහල් පාෂාණ මෙම කෘත්‍රිම සඳ නිර්මාණයට යොදා ගත් බව පැවැසෙයි.

කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කිරීමට මූලික වශයෙන් දායක වී ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි. ‘එසා’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන යුරෝපා අභ්‍යවකාශ ආයතනය යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවා ඇත. ඊට අමතරව, ඇමෙරිකාවේ නාසා ආයතනය ද මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණයට සම්බන්ධ වී ඇතැයි පැවැසෙයි.