නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට
2024 October 11- Page Views : 28 දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මනෝ ස්වභාවයන් සියුම් ලෙස හඳුනා ගනිමින් සිය ගද්‍ය නිර්මාණ හරහා ඒවා ඉදිරිපත් කිරීම සාර්ථකව කළේ යැයි නොටෙබල් කමිටුවේ ඇගයීමට හැන් කන්ග් පාත්‍ර වී ඇත.
නොබෙල් රන් පදක්කමට අමතරව, හැන් කන්ග්ට තෑගි වශයෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 9 ක මුදලනක් ද හිමිවෙයි.
හැන් කන්ග් උපත ලැබුවේ 1970 දී දකුණු කොරියාවේ ග්වංජු හි ය.
ඇගේ පියා කීර්තිමත් නවකතාකරුවෙකි. 1993 දී Munhak-gwa-sahoe (සාහිත්‍යය සහ සමාජය) සගරාව හරහා, Winter in Seoul ඇතුළු කාව්‍ය පහක් ඉදිරිපත් කර, හැන් කන්ග් කිවිඳියක ලෙස සිය පළමු සාහිත්‍ය ජීවිතය ආරම්භ කළාය. හැන් කන්ග් සිය පළමු කෙටිකතා සංග්‍රහයඉ 1995 දී ප්‍රකාශයට පත් කළාය.