WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැස්සෙන් බාධා වුණු තරගය යළි ඇරඹෙයි

2024 October 26- Page Views : 29

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2:30ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි.

වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කෙරුණු අතර ඒ වන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබා සිටියේය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා දෙපිලටම පන්දුවාර 23 බැගින් ලබාදෙමින් තරගය යළි ආරම්භ කෙරුණේ රාත්‍රී 8:50ට පමණය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කළේය

තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 195කි.