WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුරුද්දට මත්පැන්හල් වැහෙන දවස් මෙන්න

2026 April 10- Page Views : 471

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව 13 සහ 14 දෙදින යෙදී ඇති සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් එම දිනයන් දෙකෙහි දිවයින පුරා පිහිටි සියලුම මත්පැන්හල් වසා තැබිය යුතු බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා දන්වා තිබේ. මෙම කාල සීමාව තුළ සිදුව සුරා අපරාධ හා දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත ක්ෂණික ඇතුම් අංකය වන 1913 දුරකථන අංකය භාවිත කරන ලෙසත් අදාළ නිවේදනය මගින් දන්වා තිබේ.