හයිටි සන්නද්ධ ප්‍රහාර හමුවේ පදිංචිකරුවන් අවතැන් වෙයි
2024 October 27- Page Views : 1877 හයිටි රාජ්‍යයේ අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් හි ක්‍රියාත්මක වන සන්නද්ධ කල්ලි ප්‍රහාර හේතුවෙන් , පසුගිය දින කිහිපය තුළ එහි පදිංචිකරුවන් දහස් ගණනක් අවතැන් වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.
එම ප්‍රදේශවල මේ වන විට වෙඩි හුවමාරු සිදුවන අතර, එහි පදිංචිකරුවන් දහස් ගණනක් නිවෙස් හැර යන තත්ත්වයක් උද්ගතව ඇති බවයි එම වාර්තා සදහන් කළේ.
මේ වන විට අගනුවර සහ ඒ අවට නගර ගණනාවකට සන්නද්ධ කල්ලි ඔවුන්ගේ ප්‍රහාර උත්සන්න කර තිබෙනවා.