සියල්ලන් හඬවමින් නික්මගිය විදුහල්පතිනියක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
2024 October 29- Page Views : 224
ඉරණමකින් අවසන් ගමන් යයි කියලා නම් කවුරුත් හිතන්න නැතුව ඇති මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අනුවේදනීය කතාවයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක අන්තර් හුවමාරුව ආසන්නයේ දී ඊයේ පස්වරුවේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
අනතුරට ලක්ව ඇත්තේ, මත්තල දෙස සිට කරාපිටිය රෝහල වෙත ගමන් කරමින් තිබූ මෝටර් රථයක්.
රියදුරාට පාලනයකර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීයෑමෙන් සිදුව ඇති මෙම අනතුරින් මෝටර් රථයේ පැමිණි දෙදෙනෙකු මාර්ගයේ පැමිණි ගිලන්රථයකින් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රෝහල්ගත කිරීමෙන් පසුව කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත් වූ කාන්තාව විදුහල්පතිවරියක් බවද සඳහන්.