2024 නොවැම්බර් මස 03 වන ඉරිදා Section LOGO එසැණ පුවත් වීඩියෝ කෙළිමඬල රසවින්දන සිරිකත මතුමහල ව්‍යාපාර දේශපාලන Search ඉරානයෙන් අනතුරු ඇඟවීමක්
2024 November 03- Page Views : 229
ඉරානයේ මිසයිල පද්ධති, ඩ්‍රෝන කර්මාන්තශාලා, මිසයිල කර්මාන්ත ශාලා සහ ගුවන් මෙහෙයුම් පද්ධතිවලට පසුගිය 26 වැනිදා එල්ල කළ ඉලක්කගත ප්‍රහාර මාලාවට නිසැකවම ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට දැඩි පිළිතුරක් ලැබෙනු ඇතැයි ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පැවැසුවේය.
අයතුල්ලා අල් කමේනි මෙම අදහස් පළකර සිටියේ 1979 වසරේදී ඉරාන ශිෂ්‍යයන් එරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අල්ලා ගැනීමේ 45 වැනි සංවත්සරයට ප්‍රථම ශිෂ්‍යයන් අමතමිනි.
1979 වසරේ නොවැම්බර් මස 4 වැනිදා ටෙහෙරානයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉරාන ශිෂ්‍යයන් යටත්කර ගත් අතර එම අවස්ථාවේදී තානාපති කාර්ය් මණ්ඩල සාමාජිකයන් 52 ක් දින 444 ක් පුරා රැඳවුම් බාරයේ තබා ගත්තේය.
ඊශ්‍රායලය පසුගියදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි ඉරානය ඇස්තමේන්තු කරමින් සිටින අවස්ථාවක ඉරාන අධ්‍යාත්මික නායකයා මෙම ප්‍රකාශය සිදුකළේය. ඊශ්‍රායලය පසුගිය 26 වැනිදා ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවේදී ඉරාන හමුදා සාමාජිකයෝ සිව් දෙනෙක්ද මිය ගියහ.
වර්තමානය වනවිට ඉරානය සහ ඊශ්‍රායලය එකට එක කරමින් එකිනෙකා වෙත තෝරා බේරා ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඒ හේතුවෙන් කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවදානම ඉහළ යමින් පවතින බවද යුද විශ්ලේෂකයෝ පවසති.