මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමේ ප්‍රගතිය ජනපති විමසයි
2026 April 30- Page Views : 6
මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ නව අධිකාරිය පිහිටුවීමට අදාළ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
ජනාධිපති කාර්යාලයේ දී එම සාකච්ඡාව පවත්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පසුගිය දිට්වා සුළි කුණාටුව හමුවේ සිදුවූ නායයාමෙන් මධ්‍යම කඳුකරයට විශාල හානියක් සිදු වූ අතර මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර ගනිමින් පෝෂණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් එහිදි දැඩිව අවධාරණය කර තිබේ.
ඒ අනුව ඉහළ ජල පෝෂක ප්‍රදේශවල පාරිසරික ගැටලුවලට විසඳුම් සොයමින් මධ්‍යම කඳුකරය රැකගැනීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට ද තීරණය වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එම ක්‍රියාවලියට අදාළ ප්‍රගතිය සහ නීතිමය ප්‍රතිපාදන පිළිබඳ අදාළ සාකච්ඡාවේදී පුළුල් ලෙස විමසා බැලුණු අතර ඊට අදාළ යෝජනා සහ අදහස් ද ඉදිරිපත් කර තිබේ.
එම සියලු යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන ඉදිරි කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් එහිදී නිලධාරීන් වෙත උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.