තරුණියට හදි කළ අසල්වැසියා දැලේ...
2024 November 04- Page Views : 8 හැවිරිදි බාල වයස්කාර දැරියක්, හැඳුනුම්පත සකසා දෙන බව පවසමින්, රවටා ගෙන ගොස්, දූෂණය ලක් කළ 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු දැරිය සමඟ ඡායාරූපයක් ගෙන එම ඡායාරූපය ප්‍රසිද්ධ කරන බවට දැරිය බිය ගන්වා වරින් වර ඇයව දූෂණය ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මව විදේශ ගතව, පියා ඔත්පලව සිටින දැරිය සීයා භාරයේ සිටින බව සදහන්.
දැරියගේ අසල්වැසියෙකු වන සැකකරු ඇයට හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය ඡායාරූපයක් ගැනීම සඳහා අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ඡායාරූපාගාරයක් වෙත රැගෙන ගොස් එම ඡායාරූපය ගැනීමට උදව් කර ඇති බව පොලිසිය කියයි.
පසුව සැකකරු දැරිය සමඟ ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය බව පවසා ඇති අතර, සැකකරුගේ බල කිරීම හේතුවෙන් දැරිය ඒ සඳහා පසුව කැමති වී ඇති බව සදහන්.
අනතුරුව සැකකරු එම ඡායාරූපය දැරියට නිතර පෙන්වමින්, එය ප්‍රසිද්ධ කරන බවට පවසමින් දැරිය බිය ගන්වා අවස්ථා කිහිපයකදී අනුරාධපුර මයිල ගස් හන්දිය ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් 45 හැවිදි සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇලයාපත්තුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.