WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දස වසරකට පසු කිං කෝලි දරුණු පසුබෑමක

2024 November 07- Page Views : 31

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ ප්‍රකාශයට පත්කළ ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම්වලට අනුව ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ස්ථාන 8කින් පහළට වැටී 22 ස්ථානයට පත්ව තිබෙනවා.

මෙලෙස කෝලි ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු 20 දෙනාගෙන් පහළ ස්ථානයකට වැටී තිබුණේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්.

නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල පෙරමුණේ පසුවන්නේ එංගලන්තයේ ජෝ රූට්.

එහි දෙවැනි ස්ථානයේ නවසීලන්තයේ කේන් විලියම්සන්ට හිමිව ඇති අතර, තෙවැනි ස්ථානයේ එංගලන්තයේ හැරි බෲක් රැඳී සිටිනවා.

ටෙස්ට් පිතිකරුවන්ගේ පළමු 20 දෙනා අතර ශ්‍රී ලංකා පිතිකරුවන් හතරදෙනෙකු සිටින අතර, ඉන් ඉදිරියෙන්ම පසුවන්නේ කමිඳු මෙන්ඩිස්. ඔහුට 11 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

ඊට අමතරව දිමුත් කරුණාරත්න 14 වැනි ස්ථානයත්, ටෙස්ට් නායක ධනංජය ද සිල්වා 15 වැනි ස්ථානයේත්, දිනේෂ් චන්දිමාල් 18 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා.

මේ අතර ඉන්දීය නායක රෝහිත් ශර්මාද ස්ථාන 2කින් පහළට වැටී මේ වනවිට 26 වැනි ස්ථානයේ පසුවනවා.