ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට
2024 December 01- Page Views : 30 ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තරගාවලියක් සඳහා ඉකුත්දා ඉන්දියාව බලා පිටත්ව ගියේය.
ඔවුන් තරගාවලිය වෙනුවෙන් කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේ දී ඉකුත්දා සිය අවසන් පුහුණු සැසියට එක්වුණි.
ඉන්දීය ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමග ඔවුන් එක්දින තරගාවලියකට සහභාගි වීමට නියමිතව තිබේ.
මෙම තරග සංචාරයට එක්වන ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.
මෙම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ ගිමඳු මැල්කම් විසිනි.
ප්‍රධාන පුහුණුකරු ලෙස උෂාන්ත ගුණරත්න කටයුතු කරන අතර ශ්‍රවණාබාධිත පුහුණුකරු ලෙස හේමජිත් කුමාර කටයුතු කරයි.