ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා අවසන් ටෙස්ට් තරගය අද
2024 December 05- Page Views : 30 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය අද (05) ආරම්භ වනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට මෙම තරගය ආරම්භ වනු ඇති.
දැනටමත් මෙම තරගාවලියේ පළමු තරගය දකුණු අප්‍රිකාව ජයගෙන සිටිනවා.
ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යාමට මෙම තරගය ජය ගැනීම අතිශය වැදගත් වනවා.
මෙම සටහනේ තුන්වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ පළමු තරගය පරාජය වීමෙන් පසුව හතරවන ස්ථානය දක්වා පහත වැටුණා.
එහෙත් අද ආරම්භ වන තරගය ජයගතහොත් ශ්‍රී ලංකාව යලි තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන අතර එය පරාජය වුවහොත් හයවන ස්ථානය දක්වා පසු බසිනු ඇති.
එමෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට දෙවන ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගය ජයගතහොත් ඉන්දියාව පරදවා පළමු ස්ථානයට පැමිණෙන අතර පරාජය වුවහොත් ඔවුන් සිටින ස්ථානයේම තවදුරටත් රැදී සිටීමට සිදු වනවා.