WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කටුනායකට

2024 December 11- Page Views : 31

මෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද(11 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

ඔහු එසේ පැවසූවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය යටතේ , දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගී වී ආපසු මෙරටට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා , දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත් , තවමත් අපට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය .

ඒ සදහා ඉදිරි දින වල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත , ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගාවලිය පිළිබඳ , තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද පැවසීය .