WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලංකා T10 Galle Marvels හිමිකරු අත්අඩංගුවට

2024 December 13- Page Views : 33

මුදලට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් මාවලර්ස් (GALLE MARVELS) කණ්ඩායමේ හිමිකරු වන ඉන්දීය ජාතිකයෙකු ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට මුදලට තරග පාවාදීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පෙරේදා එම ඒකකයේ කණ්ඩායමක් පල්ලේකැලේ ප්‍රදේශයට ගොස් තිබුණි.

පසුව අදාළ සැකකාර ඉන්දීය ජාතිකයා සිය භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසීය.