WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයකට අනුමැතිය

2024 December 20- Page Views : 31

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව ඔවුන්ගේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඡන්ද අයිතිය තීරණය කෙරෙන්නේ එක් එක් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය අනුව බවයි.

ඒ අනුව එම ක්‍රිකට් සමාජයකට හෝ සංගමයකට එක් ඡන්දය බැගින් හිමිවෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය සඳහා විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් සකස්කළ ව්‍යවස්ථා කෙටුම්පත එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 ජූනි මාසයේදී භාරදුනි.

ඡන්ද අයිතිය හිමිවිය යුතු ක්‍රිකට් සමාජ සම්බන්ධයෙන් ද එහි නිර්දේශ ඇතුළත්ව තිබූ බව සඳහන් ය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී එහි සාමාජිකයින් එකඟ වී තිබේ.