WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ශූරයන්ගේ කුසලානයේ නිල කාලසටහන නිවේදනය කෙරේ

2024 December 25- Page Views : 30

ඉන්දු - පාකිස්තාන අර්බුදය හේතුවෙන් මතභේදයට තුඩුදී තිබූ ICC ශූරයන්ගේ කුසලානයේ සියලු ගැටලු අවසන් කරමින් තරගාවලියේ නිල තරග කාලසටහන ඊයේ (24) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව පාකිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය පෙබරවාරි 19වනදා ආරම්භකර මාර්තු 9 වනදා අවසන් කිරීමට නියමිතව ඇත.

කෙසේ නමුත් ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දියාව ක්‍රීඩාකරන සියලු තරග ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මේ හේතුවෙන් මූලික වටයේදී පාකිස්තානය හා ඉන්දියාවද එකම කාණ්ඩයෙන් ක්‍රීඩාකරන බැවින් එම තරගය ක්‍රීඩාකිරීම සඳහා පාකිස්තානයට ඩුබායි බලා පිටත්ව යාමට සිදුව ඇත.

තරග කාලසටහන අනුව ඉන්දියාව හා පාකිස්තානය පෙබරවාරි 23 වනදා තරගවැදීමට නියමිතය.

එමෙන්ම මූලික වටයෙන් පසු ඉන්දියාව අවසන් මහා තරගය දක්වා ඉදිරියට ගියහොත් ඒ සෑම තරගයක්ම ද ඩුබායිහිදී පැවැත් වේ.

මූලික වටයේ තරග 'A' හා 'B' ලෙස කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර, එහි 'A'කාණ්ඩයෙන් සත්කාකර පාකිස්තානය, බංග්ලාදේශය සහ නවසීලන්තය සහ ඉන්දියාව ක්‍රීඩාකරයි.

'B' කාණ්ඩයට ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව ඇතුළත්ව ඇත.

තරගාලිය ආරම්භ කරමින් පළමු තරගය පෙබරවාරි 19වනදා පාකිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වේ.