දකුණු කොරියානු ගුවන් අනතුරින් මිය ගිය පිරිස තවත් ඉහළට
2024 December 29- Page Views : 4 දකුණු කොරියාවේ සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු හැර අන් සියල්ලම මියගොස් ඇති බවය.
යානය ගොඩ බස්වන අවස්ථාවේදී එය තුළ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමගින් පුද්ගලයින් 181ක් දෙනෙකු හිඳ තිබේ.
යානය මුලින් ගොඩබෑමට උත්සාහා කර ඇති නමුත් එය අසාර්ථක වී තිබේ.
පසුව නැවත ගොඩබෑමට උත්සාහ කිරීමේදි ධාවන පථයෙන් ඉවතට ගොස් ධාවන පඨයේ කෙළවරේ තිබූ තාප්පයක ගැටී ගිනි ගෙන තිබේ.
පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තාවල දැක්වෙනුයේ ගුවන් යානය ගොඩ බැස්වීමේදී ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී ඇති බවය.
අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණි.
ගුවන් යානය තායිලන්තයේ සිට ආපසු පියාසර කරමින් තිබූ අතර එය ගොඩබෑමේදි මෙම අනතුර සිදුව ඇත.
කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.