WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සංගා හා මහේල ජනපතිට දුන් ශක්තිය

2025 January 01- Page Views : 30

'ක්ලීන් ශ්‍රී ලංකා' සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සංගක්කාර මහතා මේ බව පවසා සිටියේය.

'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (1) පෙරවරුවේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට හිටපු නායකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන මහත්වරුන්ද සහභාගි වූහ.

මෙහිදී සංගක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම වැඩසටහන ඉතාම කාලීන වූත් වැදගත් ක්‍රියාවලියක් බවයි.

එමෙන්ම මෙම මානසිකත්වය වෙනස්කිරීම තුළින් යහපත් වටිනාකම්, හරයන් එදිනෙදා ජීවිතයටත් පරිපාලනයටත් එක්කිරීම තුළින් රටේ දියුණුවට මෙන්ම ජනතාවගේ දියුණුවට ද විශාල රැකුළක් බවද හෙතෙම පැවසීය.

"ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් අද මේ දියත් කරන්න ගරු ජනාධිපතිතුමා අපෙන් ඉල්ලා සිටියේ. ඉතාමත් හොඳ දෙයක් අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ මෙවැනි ක්‍රියාවලියක් දියත් කිරීම. සරළ විදියට අර්ථකථනය කළාට ඉතාමත් ගැඹුරු අදහසක් එක්ක තමයි මේ ක්‍රියාවලිය දියත්කරලා තියෙන්නේ".

මෙහිදී මහේල ජයවර්ධන මහතා පවසා සිටියේ 'ක්ලීන් ශ්‍රී ලංකා' ඉතාමත් වැදගත් කර්තව්‍යක් බවයි.

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සහයෝගයත් සමග පුරවැසියන්ට ද මෙම ව්‍යාපෘතිය ඉදිරියට රැගෙනයාමේ විශාල වගකීමක් තිබෙන බව හෙතෙම පැවසීය.

"මම හිතන්නේ ඉතාමත් වැදගත් කර්තව්‍යක් අලුත් අවුරුද්දේ. ජනාධිපතිතුමත් අනෙක් හැමෝගෙම සහයෝගයත් එක්ක අපට පුරවැසියන් විදිහට ලොක වගකීමක් තියෙනවා 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. හොඳ පටන් ගැන්මක්. බොහෝ දේ කරන්න තියෙනවා ඉදිරියට".