WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලොස් ඇන්ජලිස් ලැව්ගිනිවලින් අක්කර 28,000ක් විනාශයි

2025 January 10- Page Views : 5

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අක්කර 28,000කට ආසන්න භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී තිබෙනවා.

ලැව්ගිනි පැතිර යාම තවදුරටත් සිදු වන අතර එය මැඩපැවැත්වීමට නොහැකි වී ඇත්තේ හමා යන දැඩි සුළං හේතුවෙන්.

මෙය ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විශාලම සහ විනාශකාරී ලැව් ගින්නවනවා.

මේ අතර, ලැව් ගිනි හේතුවෙන් එම ප්‍රදේශයේ වායු ගුණාත්මක භාවය දරුණු ලෙස පහතට වැටී තිබෙනවා.

එය ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු ගුණාත්මකභාවයද අභිබවා යෑමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.