නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් 60 දෙනෙකු මරුට
2025 January 19- Page Views : 4 නයිජීරියාවේ ඉන්ධන ටැංකියක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්ධන ටැංකිය පෙරළීයාමෙන් පසු ඉන්ධන ලබා ගැනීමට මිනිසුන් පොරකමින් සිටියදී මෙම ඉන්ධන ටැංකිය පුපුරා ගොස් ඇති බවය.
නයිජර් ප්‍රාන්තයේ ෆෙඩරල් මාර්ග ආරක්ෂණ බළකායේ ප්‍රධානීවරයා පැවසුවේ පෙට්‍රල් ලීටර් 60,000ක් රැගත් ට්‍රක් රථයක් අගනුවර වන අබූජා සහ උතුරු කඩුනා නගරය සම්බන්ධ කරන මාර්ගයේදී ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවය.
එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධියෙන් මියගොස් ඇති බොහෝ පිරිස් හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බවය.
එමෙන්ම මියගොස් ඇති පිරිස තවත් ඉහළ යා හැකි බවත් එම මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.