ට්‍රම්ප් මෝදි හමුවක්
2025 February 14- Page Views : 30 ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ධවල මන්දිරයේ දී මෝදි හමුවන පළමු අවස්ථාව මෙයයි.
ධවල මන්දිරයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කර තිබුණි.
ද්වී පාර්ශ්වික සබඳතා කර කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. වෙළඳ ගනුදෙනු, තීරු බදු සහ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට ලක් විය.
ඇමෙරිකානුවන්ට මුල්තැන දීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මෝදිගේ ඇගයීමට ලක්වුණු බව ද පැවැසෙයි.