WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මංගල පෙරහැරක් අතරතුර මනාලයා මියයයි

2025 February 16- Page Views : 31

සිය මංගල දිනයේදීම මනාලයකු හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා මංගල පෙරහැර අතරතුරදී සිය මිතුරන් සමග නර්තනයේ නිරතව ඇත.

ඉන් අනතුරුව මනාලයා අශ්වයා මතට නැග සිටින අවස්ථාවේදී මෙම මරණ සිදුව ඇති බව වාර්තා වෙයි.

මංගල අවස්ථාවට සහභාගී වූ මනාලයාගේ පවුලේ සාමාජිකයින් ඔහුව රෝහල් ගතකළත් ඒ වනවිට ඔහු මියගොස් සිට ඇත.

ඔහුගේ මරණයට හේතුවී තිබු‍ණේ හදිසි හෘදයාබාධයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම පුවත ඇසූ පසු මනාලියද සිහිසුන්ව ඇදවැටුනු බව වාර්තා වෙයි.