WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්

2025 March 14- Page Views : 30

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ගුවන් යානයක ගින්නක් හටගත්තේය.

ගින්නත් සමඟ යානය, ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරවා යැවීම සිදුවුණු අතර, එය ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමට නියමුවෝ සමත් වූහ. 

යානයේ මගීන් වහා පිටතට ගැනීම සිදුවන අතරතුරේ ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමට හැකිවිය. 

යානයේ මගීන් 212 දෙනකු සිටි අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 6 කි. ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. යානයේ ගින්නට හේතුව එහි ඇන්ජිමක් සිදුවුණු කාර්මික දෝෂයක් බව පැවැසෙයි.