WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අලුත උපන් බිළිඳු මළ සිරුරක් හමුවෙයි

2025 March 16- Page Views : 1187

සන්දවේලි පොලිස් වසමේ දේවපුරම් ක්‍රීඩාංගනය අසළ කැලෑබද ප්‍රදේශයක් තුළ අලුත උපන් නාදුනන බිළිඳු මළ සිරුරක් හමුව තිබේ.

සන්දවේලි පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (15) දින හමුවී ඇති මෙම බිළිඳු මළ සිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලීසිය පවසයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධව සන්දිවේලි පොලීසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදුකරති.