ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කළ මගියෙකු අත්අඩංගුවට
2025 March 16- Page Views : 1187
සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සේවය කරමින් සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කිරීමට තැත්කළ මගියෙකු ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
සැකකරු ඊයේ (15) දින රාත්‍රී 10.00ට සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එසේ පැමිණෙන අතරවාරයේදී අධික ලෙස බීමත්ව එම ගුවන් යානයේ සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් කිරීමට සැකකරු උත්සාහා දරා තිබේ.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්දව ගුවන් සේවිකාවන් දෙදෙනා ගුවන් යානයේ නියමුවා වෙත වාර්තා කිරීමෙන් අනතුරුව ඔහු පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ පාලක මැදිරි මධ්‍යස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදි ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුනන් සේවයේ ආරක්ෂක නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිය වෙත රැගෙන විත් භාර දි තිබේ.
මෙම සිදුවීම සම්බන්ධව ගුවන් සේවිකාවන් දෙදෙනාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ ගුවන් මගියා මීගමුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර අධික ලෙස බීමත්ව සිටින බවටද තහවුරු කරගෙන තිබේ.
මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ සිදුවී ඇති බැවින් සැකකරු සම්බන්ධව අද (16) කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය.