WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හඳුන්නෙත්තිගෙන් පොල්හේන ක්‍රිකට් ක්‍රිඩාංගනය ගැන ප්‍රශ්ණ කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහානාම කියයි

2025 March 17- Page Views : 1187

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති විසින් ක්‍රිකට් ආයතනය සමග ආරම්භ කිරිමට සැලසුම් කරන පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය සම්බන්ධ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බව වත්මන් ජාතික ක්‍රීඩා කමිටුවේ සමාජික, හිටපු ක්‍රිකට් ක්‍රිඩක රොෂාන් මහානාම පවසනවා.කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති

අදාළ ව්‍යාපෘතිය පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් පිළිබදව ප්‍රශ්න කළ යුතු බවයි මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරියගේ අවධානයට ලක්විය යුතු බවට තමන් විශ්වාසය පළ කරන බවයි හිටපු ක්‍රිකට් ක්‍රිඩක රොෂාන් මහානාම වැඩිදුරටත් ප්‍රකාශ කළේ.