WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කොන්ත්‍රාත් කරන මන්ත්‍රී සංස්කෘතිය ඉවර කරනවා

2025 March 17- Page Views : 1187

මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරන බව ජ.වි‌.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී  ආරම්භ කරනු ලැබූ අතර එම අවස්ථාවට එක්වෙමින් සිල්වින් සිල්වා මහතා මේ බව කීය.

ෙමෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ කොළඹ මහ නගර සභා කණ්ඩායම්  සහ කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායකයෝ එක්වූහ.