ග්‍රෑන්ඩ්පාස් ඝාතනයකට තවත් 4 ක් සැකපිට
2025 March 17- Page Views : 1187
ග්‍රෑන්ඩ්පාස් ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසලදී පුද්ගලයන් දෙදෙනකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල තවත් පුද්ගලයන් 4 දෙනකු ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 16 ත් 44 වයස්වල පසුවන පුද්ගලයන් සිවු දෙනෙකි.
සැකකරුවන් විසින් ඝාතනය කර තිබුණේ ත්‍රි රෝද රථ රියැදුරකු වන සේදවත්ත ප්‍ර දේශයේ පදිංචි මොහොමඩ් යාසීර් (21) සහ කුලී රැකියාවේ නියුතු සිංගප්පුලිගේ මධුසංක (22) නැමැත්තෙකි.
සැකකරුවන් අපරාධය සදහා යොදාගත් බව කියන මන්නා පිහිය 2 ක් සහ ජංගම දුරකතන පොලිස් භාරයට ගෙන ඇත.